වෙනසක් සිදුවීමට අවශ්‍ය බවත්, තමන් ගන්නා තීන්දු තීරණවලට අනාගතයේදී වන්දි ගෙවීමට සිදුවන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
එසේම ජනතා සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් රැකගැනීමේ පනතක් ව්‍යවස්ථාවට ගෙන ආ යුතු බවත් ඔහු කීය. ඊයේ (09දා) පොළොන්නරුවේ පැවැති හමුවකට එක්වෙමින් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.
“වෙනසක් වෙන්න ඕනේ,ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වශයෙන්ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදනකොටඅපේ තාත්තාඑදා බණ්ඩාරනායක ශ්‍රීමතාණන් එක්කඑක පැත්තකට ගිහින් විපක්ෂයේ ඉඳලාශ්රී ලංකා නිදහස් පක්ෂය ගොඩ නැගුවා.
ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්තරග කරලාබිහිවෙච්ච ජනාධිපතිවරයෙකු වශයෙන්පක්ෂයටත්මේ රටේ ජනතාවටත් කළ යුතු යුතුකම් මම ඉටු කරලා තියෙනවා.
බැසිල් රාජපක්ෂ මහත්තයා එක්ක හිටපු සිවිල් නිලධාරියෙක්,දොස්තර කෙනෙක්,මැනේජර් වශයෙන් හිටපු මේ සියලු දෙනා රජයේ සේවකයන්. ජනතාවට කරපු සත්ක්‍රියා නිසා ඔවුන්ට හිරගෙවල්වල ඉන්න වෙලා තිබෙනවා .
මේක හොඳ පාඩමක්. තමන් ගන්න තීන්දු තීරණවලට අනාගතයේ වගකියන්න ඕනේ.නිදහසේ ස්වාධීනව තමන්ගේ රාජකාරිය කරන්න ඕනේ.මමත් රජයේ සේවකයෙක්.ජනතාවගේ සුභසිද්ධිය සඳහා සද්භාවයෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරියා ආරක්ෂා කරගැනීම සදහා ව්‍යවස්ථාවට යෝජනාවක් ගෙන ආ යුතුයි කියන එක මම පැහැදිලිව කිව යුතුයි” යනුවෙන්ද ඔහු සඳහන් කළේය.