ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ජාතික සන්ධානය එක්ව උතුරු නැගෙනහිරට වෙනම පාලනයක් ඉල්ලන බවට ආණ්ඩුව විසින් ජනතාව නොමග යවන ප්‍රකාශ සිදුකරන බවත්, එහෙත් කිසිවිටෙකත් දෙමළ මුස්ලිම් ජනතාවට වෙනම ජීවත්වීමට අවශ්‍යතාවක් නොමැති බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි.
ඊයේ (01දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ එම පක්ෂයේ නායක රාවුෆ් හකීම් මහතා වැඩිදුරටත් සඳහන් කළේ අම්පාර දිස්ත්‍රික්කයට වෙනම පරිපාලන නිලධාරියෙකු ලබාදෙන්නැයි මුස්ලිම් කොංග්‍රසය ඉල්ලීමක් කළ බවට ගෙනයන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.
එහිදී මූලික වශයෙන් කතාබහට ලක්වූයේ අම්පාරේ මුහුදු ප්‍ර‘දේශ ආශ්‍රිතව ජීවත්වන දෙමළ ජනතාවගේ පරිපාලන ගැටලු විසඳීමට වෙනම නිලධාරියෙකු පත්කිරීම පිළිබඳව බවත්, මෙම ක්‍රමය අලුත් ක්‍රමයක් නොවන බවත් රාවුෆ් හකීම් මහතා සඳහන් කළේය.
දැනටමත් වවුනියාව ප්‍රදේශීය ලේකම් කාර්යාලය තුළ එම ප්‍රදේශයේ ජීවත්වන සිංහල ජනතාවගේ පරිපාලන කටයුතු පහසු කිරීම සඳහා සිංහල පරිපාලන නිලධාරියෙකු සිටින බවද ඔහු පවසා සිටියේය.