වෙඩි තැබීමට විරෝධය පා උතුරේ බස් රථ වර්ජනයක්
යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලින් මහතාගේ ආරක්ෂකයන්ට වෙඩි තැබීමට විරෝධය පා අද (24දා) උතුරු පළාතේ සියලුම පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීමට පියවර ගෙන ඇති බවට උතුරේ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කර සිටියේය.
මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂකයන්ට වෙඩි තැබීම හෙළා දකිමින් අදාළ වරදකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අද දිනයේදී උතුරු පළාතේ පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වන බවට පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කියා සිටියේය.
මෙසේ පෞද්ගලික බස් රථ ධාවන කටයුතුවලින් ඉවත් වීම හේතුවෙන් මගී ජනතාව අපහසුතාවයට පත්විය.
කෙසේ වෙතත් යාපනය මහාධිකරණ විනිසුරුගේ ආරක්ෂකයන්ට වෙඩි තබා පොලිස් සැරයන්වරයෙකු මිය යාමත් තවත් කොස්තාපල්වරයෙකු තුවාල ලැබීමටත් අදාළ වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා මේ වනතුරු අත්අඩගුවට ගෙන නොමැති අතර අදාළ සැකකරු හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නා ලෙසට පෞද්ගලික බස් හිමියන් මෙන්ම උතුරේ ජනතාවද ඉල්ලා සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
