රාජ්ය තාන්ති්රක, රාජකාරී සහ සේවා විදෙස් ගමන් බලපත්ර හිමි පුද්ගලයින් වීසා ලබා ගැනීමෙන් නිදහස් කිරිමට අදාළ ගිවිසුමකට කසකස්ථානය සමග එළඹීමට ශී්ර ලංකා රජය තීරණය කර තිබේ.
මේහරහා වීසා ලබාගැනීමකින් තොරව දින 30 ක කාලයක් අදාළ රටවල් දෙකට ඇතුළුවීමට හෝ එම රටවල් හරහා වෙනත් රටකට යාමට අවසර හිමිවේ. දෙරටේ පුරවැසියන් හට රටවල් දෙක අතර ගමනා ගමනය පහසු කිරීම මෙහි ප්රධාන අරමුණකි.