තමා කිසිවිටෙක වාහන අවභාවිතා කර නොමැති බවත්, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට වාහන ලබාදීම සඳහා කිසිවිටෙක අනුබල නුදුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු විවාදයේදී අද (26දා) අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේබව කීය.
තමන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ2010 මැයි සිට 2011 මැයි දක්වා වසරක කාලයක් පමණක් බවත්, මෙම කාලය තුළ කිසිම වාහන අවභාවිතාවකට උපදෙස් ලබානොදුන් බවත් මන්ත්‍රීවරයා කීය.
එමෙන්ම මේ සම්බන්ධයෙන් තමා කටඋත්තරයක් ලබාදී ඇති බවත්,වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන්තමා අත්අඩංගුවට ගැනීම අසාධාරණ, අසත්‍ය කතාවක් බවත් මන්ත්‍රීවරයා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මාරසිංහ මහතා,
“මාව අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි කියලා අහනවා. මම මේ සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබාදී තිබෙනවා. ඇමතිට වාහන ලබාදීමට කිසිවිටක අනුබල දුන්නේ නැහැ.මම මේ ආයතනයේ කටයුතු කළේ වසරක කාලයක්. මම අස් වුණාට පස්සෙ කොහොමද නියෝග දෙන්නේ. වාහන අවභාවිත කරන්න මම කැමති නැහැ. ඒ යෝජනාවලට විරුද්ධ වුණාම අයින්වෙන්න කියලා මට බලපෑම් කළා. හිටපු ජනාධිපති, ඇමති දෙන්නම බලපෑම් කළා. මේ ගොල්ලො 2011දීත් මාව ඇතුළුට දාන්න හැදුවා. විමල් වීරවංශ නිකන් ඉඳියිද මම වැරදි කරලා තියෙනවානම්. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් ද්වාර ව්‍යාපෘතිය ඉංජිනේරු සංස්ථාවෙන් අයින් කළේඇයි කියලා හොයලා බලන්න කියලා මම කෝප් කමිටුවෙන් ඉල්ලා සිටිනවා.අනුන්ට චෝදනාකරනවාට වඩා විමල් වීරවංශ නිර්දෝෂියි කියලා ඔප්පුකරලා පෙන්වන්න*යනුවෙන්ද කියා සිටියේය.