ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටළු සාකච්ඡා කිරීම සඳහා දෙරටේ ධීවරයින් එක්ව පිහිටුවා ඇති ඒකාබද්ධ කමිටුවේ මීළග සාකච්ඡාව එළඹෙන 29 දා පැවැත්වීමට නියමිත බව ද හින්දු පුවත් සේවය පැවැසීය.
මීට ඉහතදී පැවැත් සාකච්ඡා අවස්ථා දෙකම විසඳුමකින් තොර අවසන් විය. මෙම සාකච්ඡාව සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂඥයින් දෙදෙනෙකු සහභාගීවීමට නියමිත බවද හින්දු පුවත් සේවය පැවැසීය.
මෙම සාකච්ඡාවේ පළමු අදියර ඉන්දියාවේදීත්, දෙවැනි අදියර ශ්‍රී ලංකාවෙදීත් පැවැත්විණි.
ද හින්දු ඇසුරෙනි