විශේෂ මහාධිකරණය පිහිටුවීමේ පනත ඉදිරි දින දෙක තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා සඳහන් කළේය.
මෙම පනත ගෙන ඒමට සැලසුම් කරන විටම අධිකරණ ක්‍රියාමාර්ග ගත් බවත්, තමාත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාත් අධිකරණයේ පෙනී සිටි බවත් ඔහු පවසා සිටියේය.
අධිකරණයෙන් ලබාගත් උපදෙස් මත පනත සකස් කර තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
මෙම පනත සම්මත වූ පසු පැරණි හොරුන්ට, අලුත් හොරුන්ට සහ තක්කඩියන්ට දඬුවම් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.