යම්කිසි පවුලකට විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු ඉපදුනහොත් එම දරුවාගේ වගකීම රජය බාරගැනීමට වැඩ පිළිවෙළක් සකස් කරන බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවැසිය.
බත්තරමුල්ලේ පැවැති උත්සවයක් අද (08දා) අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ඔහු තවදුරටත් පැවැසුවේ දරුවා සාමාන්‍ය තත්ත්වයට පුනරුත්තාපනය කිරීමෙන් පසුව නැවතත් දෙමාපියන්ට බාරදීමට කටයුතු කරන බවයි.
එසේ පුනරුත්තාපනය නොවන දරුවන්ගේ වගකීම සම්පූර්ණයෙන්ම රජය බාරගැනීමට අවශ්‍ය කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.