විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 27556ක් අධ්‍යාපන කටයුතුවල නිරතවන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පී රාධාක්‍රිෂ්ණන් මහතා සඳහන් කළේය.
මෙම පිරිසෙන් 7500ක් සාමාන්‍ය පාසල් දරුවන් සමග අධ්‍යාපනය හදාරන බවත්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1220ක් ජාතික පාසල්වල විශේෂිත ඒකකවලත්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6223ක් පළාත් පාසල් විශේෂ ඒකක තුළත්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2613ක් උපකෘත පාසල්වලත් අධ්‍යාපනය හදාරන බවද ඒ මහතා පවසා සිටියේය.
විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කිරීමට රජය මේ වසර තුළදී රුපියල් මිලියන 150ක් වෙන්කර තිබෙන බවද සඳහන් කළේය.