කොළඹ, විශාඛා විද්‍යාලයට වසර 100ක් පිරීම නිමිත්තෙන්, රටෙහි ප්‍රමුඛතම පාසලක් ලෙස එය ජාතියට සිදුකරන දායකත්වය ඇගයීමක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුහුණත වටිනාකම රු.2,000ක් වන සංසරණය නොවන රිදී කාසියක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් අද (23දා) දින විශාඛා විද්‍යාලයීය ජෙරමියස් දියෙස් ශාලාවේදී, මෙහි පළමු වැනි කාසිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිල වශයෙන් පිළිගන්වනු ලැබීය.