අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් තමන්ට විශ්වාසයක් තිබෙන බවත් ඔහු දේශපාලනයට පැමිණ පෝසත් වූ පුද්ගලයෙක් නොවන බවත් අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
" විශ්වාසභංග යෝජනාව දිනුවත් දිනුම් පැරදුණත් දිනුම්. අගමැති ගැන අපිට විශ්වාසය තිබෙනවා. ඔහු දේශපාලනයට ඇවිත් හැදුණ පුද්ගලයෙක් නෙමයි. දේශපාලනයේ කිසිම කෙනෙක් 100%ක් සම්පූර්ණ නෑ. දිගන සම්පූර්ණ වගකීම අගමැතිට දැමීම වැරදියි. දිගන සිදුවිමට පොහොට්ටුවේ පළාත් පාලන මන්ත්‍රීවරුන් තිදෙනෙක් අත්අඩගුවට ගැනීමට තිබෙනවා.
මහින්දගේ ඇගේ ජාතිවාදය තිබෙනවා. එතුමා පිළිබඳ සුළු ජාතීන් අප්‍රසන්න තත්ත්වයක ඉන්නේ. අද කැන්ටිමේදී මුස්ලිම් ඇමතිවරු හමුවෙන බව දැක්කා. දැන් පරක්කු වැඩියි. යුද්ධයට ඩොලර් මිලියන 100ක් අවශ්‍ය විට ගෝඨාට හා බැසිල්ට දෙන්න බැරිවුණා. පී.බී. ජයසුන්දර පැය භාගෙන් සල්ලි දුන්නා. බෙල්ල වටේ රතු පටිය දාගෙන ඉන්න තරුණ මන්ත්‍රීවරයාගේ සල්ලි තිබෙන්නේ ඩුබායි ගිණුම්වල "