විශ්වවිද්‍යාලවලට තේරීපත් වී සිටින ශිෂ්‍යයන්ට ලබාදෙන නායකත්ව පුහුණුවේ දෙවැනි අදියර මේ මස 4 වැනිදා සිට ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රවේශයට සිසු සිසුවියන් 23,000ක් සුදුසුකම් ලබා සාටාන අතර, එම පිරිසට අදියර තුනක් යටතේ පුහුණුව ලබාදීමට සැලසුම් කර ඇත.
මේ අනුව මෙම පිරිසේ පළමු කණ්ඩායම ලෙස 7030 ක ප්‍රමාණයක් පුහුණුව ලබා තිබෙන අතර, දෙවන කණ්ඩායම ලෙස ශිෂ්‍ය ශිෂ්‍යාවන් 9215කට පුහුණුව ලබාදීමට නියමිතය.
පාබල හමුදා, ගුවන් නාවික යුද හමුදා කඳවුරු 20ක් තුළදී මෙම පුහුණුව ලබාදීමට සැලසුම් කර තිබේ. පුහුණුව ලබාදීමේ ප්‍රධාන අරමුණ වී තිබෙන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නායකත්ව හැකියාව සහ ධනාත්මක ආකල්ප වර්ධනයයි.