මීට වසර 1 ½ කට පෙර උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරුන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට ලබාදුන් පොරොන්දුව මේ දක්වා ඉටුකර නොතිබීම නිසා ඔවුන් පිළිබඳව විශ්වාසය බිඳවැටී ඇති බැවින් ලබන මස 03 වැනිදා අනිවාර්යෙන්ම සංකේත වැඩවර්ජනයකට යන බව එම සංගමයේ නියෝජිතයෝ යළි අවධාරණය කළහ.
ආචාර්යවරුන්ගේ සම්මේලනය සමග පැවති ප්‍රතිපත්තිමය එකඟතාව ක්‍රියාත්මක නොවීමත්, වෙන් කළ පර්යේෂණ දීමනාව තර්ජනයකට ලක්කිරීමත්, විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අවුල් සහගත තත්ත්වයක් ඇතිව තිබීමත් පිළිබඳව මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානයට ලක්කළ බව එම සංගමයේ සභාපති චන්ද්‍රගුප්ත තේනුවර මහතා පැවසීය.
කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඊයේ (20දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය කෙරිණි.