විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයේ ආචාර්යවරු පිරිසක් අද (18දා) වැලිකඩ බන්ධනාගාරය වෙත යාමට සූදානමින් පසුවෙයි.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන්ගේ සුවදුක් බැලීම සඳහා මෙසේ ආචාර්යවරු වැලිකඩ බන්ධනාගාරය වෙත යාමට සූදානමින් සිටිති.