විවෘත සංවාදයක් අවශ්‍යයි
වරාය, නාවික සහ සමුද්‍රීය ගැටලු විසඳාගැනීම උදෙසා විවෘත සංවාදයක් අවශ්‍ය බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
වරාය, නාවික සහ සමුද්‍රීය ක්ෂේත්රයෙහි ආයතනවල නීති සහ ප්‍රතිපත්ති නව යුගයට ගැළපෙන ලෙස යාවත්කාලීන කළ යුතු බවද අමාත්‍යවරයා කියා සිටියේය.
ඔහු මේබව සඳහන් කළේ වරාය, නාවික සහ සමුද්‍රීය කටයුතු පිළිබඳ අන්තර් ආයතන සම්බන්ධීකරණ කමිටුව පිහිටුවීමේ අවස්ථාවට අද (09) වරාය සහ නාවික අමාත්යාංශයේදීසහභාගි වෙමිනි.
වරාය, නාවික සහ සමුද්‍රීය කටයුතු පිළිබඳ අන්තර් ආයතන සම්බන්ධීකරණ කමිටුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත පිහිටුවූවක් වන අතර, වරාය, නාවික හා සමුද්‍රීය ක්ෂේත්රයෙහි ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, පසුවිමසුම් කිරීම මෙන්ම ඇගයීම මෙම කමිටුවේ මූලික අරමුණ වේ. ක්ෂේත්රයේ සියලු පාර්ශ්වයන් අතර මනා සම්බන්ධීකරණයක් ඇති කිරීමද මෙම කමිටුවේ තවත් අරමුණක් බවත් අර්ජුන රණතුංග අමාත්‍යවරයා කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

