විල්පත්තුව ජාතික වන උද්‍යානයේ සංචාරක බංගලා දෙකක් පසුගියදා (18දා) වසා දැමීමට කටයුතු කළ බවත්, ඉතිරි සංචාරක බංගලා පහ සැප්තැම්බර් පළමු සතියේ සිට නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට කටයුතු කරන බවත් විල්පත්තුව ජාතික වන උද්‍යානයේ උද්‍යාන පාලක මනෝජ් විද්‍යාරත්න මහතා පවසයි
මාස ගණනාවක් පුරා නොකඩවා වැසි නොලැබීමෙන් ඇති වී ඇති අධික නියං තත්ත්වය මෙසේ සංචාරක බංගලා වසා දැමීමට හේතුව බවද ඒ මහතා පැවසීය.