විල්පත්තු ගැටලුව පිළිබඳ කඩිනම් විමර්ශනයක් සිදුකිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.
ඒ අනුව අදාළ විමර්ශන වාර්තාව තෙමසක් තුළ සකස් කරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
විල්පත්තු රක්ෂිත ප්‍රදේශය පුත්තලම් දිස්ත්‍රික්කයට මායිම්ව පවතින බැවින් එක්සත් ජාතික පක්ෂ පුත්තලම් දිස්ත්‍රික් නායකයා ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කරන බව අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,
"විල්පත්තු අභයභූමිය සහ ඒ අවට රජයේ රක්ෂිත ප්‍රදේශ එළිපෙහෙළි කරමින් මහා පරිසර විනාශයක් සිදුකරන බවත්, රජය ඒ සඳහා නිසි ක්‍රියාමාර්ගයක් නොගන්නා බවටත් ජනමාධ්‍ය සහ සමාජජලා වෙබ් අඩවි මගින් දිගින්දිගටම චෝදනා එල්ල කරමින් තිබෙනවා. මෙය රජයේ යහපාලන මූලධර්මයන්ට පටහැනි බැවින් ජනාධිපති කොමිසමක් ඔස්සේ සිදුකෙරෙන විමර්ශන වාර්තාවක් මගින් රටේ ජනතාව ඒ සම්බන්ධයෙන් නිසිපරිදි දැනුවත් කළ යුතුයි" යැයි පවසා සිටියේය.