විල්පත්තුව ආශ්‍රිතව සිදුකරන වනාන්තර එළිපෙහෙළි කිරීම පිළිබඳව පරිසර අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම මතය රටට පැහැදිලි කළ යුතු බව ශ්‍රී ලංකා ස්බා සාමූහිකය සඳහන් කරයි.
විල්පත්තු ජාතික වන උද්‍යානයට අයත් ඉඩම් එළිපෙහෙළි කිරීමක් සිදුනොවන බවත්, සිදුවන්නේ ඒ අවට ගම්මානවල පදිංචිව සිට යුදමය තත්ත්වය නිසා පදිංචි ස්ථානවලින් ඉවත්ව ගිය ජනතාව නැවත පදිංචියට පැමිණීම බවද එම සංවිධානයේ සභාපති තිලක් කාරියවසම් මහතා සඳහන් කළේය.
මේ නිසා රට තුළ ඇති වී තිබෙන වැරදි මතය නිවැරදි කිරීමට පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම මතය ප්‍රකාශ කළ යුතු බවද අද (07දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුව ආවරණය කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය අංශයද පැමිණ සිටි අතර, මීට අමතරව විෂය භාර අමාත්‍යවරයාගේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයාත් සහභාගි විය.
මේ පිළිබඳව මාධ්‍ය‘වේදීන් මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කළ පිරිස් වලින් කළ විමසීමත් සමග මාධ්‍ය සාකච්ඡාව නවතා දැමිණි. ඉන් අනතුරුව පැමිණ සිටි පිරිස් හා මාධ්‍ය‘වේදීන් අතර යම් උණුසුම්කාරී තත්ත්වයක්ද ඇති විය.