ආයුර්වේද සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ මහතා සේවක විරෝධය මැද එම සංස්ථාවෙන් අද (28දා) සවස බැහැරට ගිය බව ආයුර්වේද සංස්ථාවේ විධායක නිලධාරී සංගමයේ සභාපති බර්නාඩ් කාරියවසම් මහතා පැවසීය.
දේශපාලන හිතවත්කම්මත සේවක පත්කිරීම් සිදුකිරීම,සංස්ථාවේ මුදල් අනවශ්‍ය ලෙස භාවිත කිරීම සහ සේවකයන්ට තර්ජන කිරීම්වලට විරෝධය පළකරමින් සේවකයන් සමග කළමනාකරුවන් සියලු දෙනා එක්ව සිටින බවද ඔහු කීය.