කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව නගරය ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක් පවතී. අත්තලගල්ල ප්‍රදේශීය ලේකම් කාර්යාල නිලධාරින්, සංවර්ධන නිලධාරින්, සමෘද්ධි නිලධාරින්, ග්‍රාමසේවා නිලධාරින් පිරිසක් විසින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් මෙසේ දැඩි වාහන තදබදයක් පවතී.
මාර්ගයේ එක් මංතීරුවක් අවහිර කරමින් ඔවුහු විරෝධතාවයේ යෙදි සිටිති. නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට බැන වැදීමේ සිදුවීමට විරෝධය දක්වමින් ඔවුහු මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.