වියළි කලාපයේ ජලාශවල ජල මට්ටම සියයට 17ක් අඩුවෙයි
පානීය හා වගා ජල පහසුකමට දැඩි බලපෑමක්
වියළි කලාපයේ ජලාශවල ජල මට්ටම මේ වනවිට 17% ක දක්වා අඩු වී තිබෙන නිසා, වගාවන් සඳහා සහ පානීය ජලය නොමැතිකමින් වියළි කලාපීය ගොවි ජනතාව දැඩි දුෂ්කරතාවකට මුහුණපා සිටින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්යක්ෂිකා ජානකි මීගස්තැන්න මහත්මිය "අද" පුවත්පට පැවසුවාය.
සැප්තැම්බර් මාසය දක්වා වියළි කලාපයට වර්ෂාව නොලැබෙන බව කාලගුණ දෙපාර්තමේන්තුව දන්වා ඇති බවත් ජල කළමනාකරණයට ජනතාව යොමුවිය යුතු බවත් මීගස්තැන්න මිය වැඩිදුරටත් පැවසුවාය.
තවදුරටත් අදහස් දැක්වූ ජානකී මීගස්තැන්න මහත්මිය,
“වියළි කලාපයේ ප්රධාන ජලාශ ඇතුළු ජලාශවල ජල මට්ටම 17% දක්වා අඩු වී තිබෙනවා. මෙයින් විශේෂ අඩුවීමක් අම්පාර, ත්රිකුණාමලය, මඩකලපුව, හම්බන්තොට හා මොනරාගල දිස්ත්රික්කවල පෙන්නුම් කරනවා.
මඩකලපුව දිස්ත්රික්කයේ මේ වනවිට වගාව අවසන් කර අස්වැන්න නෙළමින් තිබෙන නිසා ගැටලුව බොහෝදුරට මඟහැරෙමින් තිබෙන්නෙ. නමුත් අනිකුත් දිස්ත්රික්කවල වගාව සඳහා තවදුරටත් ජලය නිකුත් කරනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

