අයහපත් කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටින ජනතාවට ලබාදෙන වියළි ආහාර ද්‍රව්‍ය සහනාධාරයේ මුදල රුපියල් 805 සිට රුපියල් 1500 දක්වා ඉහළ දැමූ බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
මෙතෙක් විපතට පත්වන පස්දෙනෙකුගෙන් යුත් පවුලකට සතියකට ලබාදුන්නේ රුපියල් 805 ක වියළි ආහාර ද්‍රව්‍ය සහනාධාරයක් පමණක් බවත්, එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අද සිට එම මුදල රුපියල් 1500 ක් කර තිබෙන බවද ඔහු පවසා සිටියේය.
විපතට පත්වූ ජනතාව සහන සැලසීම සඳහා රුපියල් මිලියන 200 ක් වෙන්කළ බවත්, එම මුදල ප්‍රමාණවත් නොවුණහොත් තවත් මුදල් වෙන්කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
අද (24දා) වනවිට ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 73 ක් මුදාහැර තිබෙන බවද ඔහු සඳහන් කළේය.
එච්.අයි. තුෂාර/ හෙරල් සේනාධීර