විමල්ගේ වරප්‍රසාද කඩවෙලා
බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට පැමිණීමේදී තමාට ආරක්ෂාව ලබාදීමට පොලීසිය කටයුතු නොකළේ යැයි රිමාන්ඩ් බන්ධගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් අද(26දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පසුගිය දින කිහිපය තුළ තමාට ආරක්ෂාව ලබාදීමට පොලීසිය ප්‍රමාද කළ බවත්, එහෙත් අද(26දා) ආරක්ෂාව ලබාදීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළබවත් මන්ත්‍රීවරයා පැවසීය.
අද දිනයේදී ආරක්ෂාව ඉල්ලා සිටියද, බම්බලපිටිය පොලිස් මූලස්ථානයේ සැරයන්වරයෙකු ආරක්ෂාව ලබාදීම ප්‍රතික්ෂේප කළ බවද මන්ත්‍රීවරයා කීය.
මේහරහා තම වරප්‍රසාද කඩ වී ඇති බැවින් මේපිළිබඳ සොයාබලා කටයුතු කරන ලෙසදඔහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
එමෙන්ම මේ හේතුවෙන් නියමිත වේලාවට පාර්ලිමේන්තුවට පැමිණීමට පවා නොහැකි වූ බවද හෙතෙම කියා සිටියේය.
මේසම්බන්ධයෙන් වහාම සොයා බලා අවශ්‍ය කටයුතු සිදුකරන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාද අහිමිවීමට ඉඩ නොදෙන බවත් කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

