විමල් වීරවංශට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ලබාදුන් නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා අයදුම්පත්‍රය ඉදිරිපත් කළ වගඋත්කරකරුවන්ට ලබන 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය අද (06 දා) නියම කළේය.
අද දින නඩුව කැඳවූ අවස්ථාවේ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා මෙසේ නියෝග කළේය.
මෙම ප්රතිශෝධන ඇප ඇයදුම් පත්‍රය කැඳවනු ලැබූ අවස්ථාවේදී විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළ විනිසුරුවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කොට සිටින නීතිපතිවරයාට හා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට ඒ බව දැනුම් දෙමින් නොතීසිද නිකුත් කළේය.
මනෝප්රිය ගුණසේකර