ජනාධිපතිවරණය පැවැත්වෙන හෙට (08දා) දිනයේදී ඡන්ද මධ්‍යස්ථාන ආසන්නයේ ප්රචණ්ඩ ක්‍රියා සිදුකිරීමට ජාතික හෙළ උරුමය සහ ජනතා විමුක්ති පෙරමුණ එක්ව සැලසුම් කර ඇතැයි වාර්තාවන බැවින් ඒ පිළිබඳව අද (07දා) දින මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා දැනුම්වත් කරන බව ජාතික නිදහස් පෙරමුණ සඳහන් කළේය.
කොළඹ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පියසිරි විජේනායක මහතා ප්‍රකාශ කළේ මේ පිළිබඳව පොලිස්පතිවරයා සහ රජය අවධානයෙන් සිටිය යුතු බවත්, මහජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම ඔවුන්ගේ වගකීමක් බවත්ය.