‘ජාතික සමගිය වනසන,බෙදුම්වාදය දිනවන රනිල්ගේ ව්‍යවස්ථා මරඋගුලට එරෙහිව‘ මැයෙන් ජාතික නිදහස් පෙරමුණේ විශේෂ සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද(22දා) සවස පැවැති අවස්ථාවේදී විමල් වීරවංශ මහතා විසින් මැගසින් බන්ධනාගාරයේ සිට ලියා එවූ විශේෂ ප්‍රකාශයක් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර මහතා විසින් ඉදිරිපත් කෙරිණි.
තමා දේශපාලනයට පිවිස වසර 29ක් වන බවත්,එම කාලය ඇතුළතදී වේදිකාවක පෙනී නොසිටිමින් ප්‍රකාශයක් ඉදිරිපත් කළේ ප්‍රථම වරට බවත් එම ප්‍රකාශය මගින් විමල් වීරවංශ මහතා කියා සිටියේය.
එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිරගත කර තිබීමට විරෝධය පළකරමින් එම පක්ෂයේ නායකයන් කළුපැහැති කමිසවලින් සැරසි සිටි අතර, පාක්ෂිකයෝ කළුපටියක් හිසේ ගැටගසා සිටියහ.
විමල් වීරවංශ මහතා සිරගතකොට මෙම සමුළුව කඩාකප්පල් කිරීමට ආග්රාමාත්ය රනිල් වික්‍රමසිංහ මහතාට උවමනාවක් තිබුණද එය සාර්ථක නොවුණු බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා මෙහිදී මහතා පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල,බන්දුල ගුණවර්ධන,විදුර වික්‍රමනායක,විමලවීර දිසානායකඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.