මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාර ගතවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවති විවාදයේ අදහස් දැක්වූයේ තරමක් වෙනස් ආකාරයෙනි. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභා ගැබේදී කතා කිරීමට අවසර පතන්නේ කථානායකවරයාගෙනි. නමුත් විමල් වීරවංශ මහතා අද දින අවසර ගත්තේ
රට බේරාගත් නායකයාගෙන්ද , මහා සංඝරත්නයෙන්ද මේ පින්බිමට පැමිණ සිටින ඔබ සැමගෙන්ද අවසරයි යනුවෙන් පවසමිනි.
එමෙන්ම අද දිනයේ මුදල් අමාත්‍යාංශයේ පනත් සම්බන්ධ විවාදයක් පැවැත්වුවද විවාදයට අදාළ කරුණුවලින් සම්පූර්ණයෙන් බැහැරව කතා කළ විමල් වීරවංශ මහතා දේශපාලන වේදිකාවක කතා කරන ආකාරයෙන් උස් හඬින් අදහස් දක්වන්නට විය. එමෙන්ම ඔහු කතාව අවසන් කළේ මේ පින්බිමට ජය වේවා යනුවෙන් පවසමිනි. ගරු කථානායකතුමනි යනුවෙන් අද දිනයේ ඔහුගේ මුවින් පිටනොවුණි.
රිමාන්ඩ් බන්ධනාගාර ගතවී සිටින විමල් වීරවංශ මන්ත්‍රීවරයාට 27 දා නුගේගොඩ රැලියට සහභාගීවීමට නොලැබෙන බැවින් ඔහු අද දිනයේ සිදුකළේ නුගේගොඩ රැස්වීමේදී සිදුකිරීමට බලපොරොත්තු වූ කතාව බව පාර්ලිමේන්තුවේ බොහෝදෙනාගේ අදහස විය