තමාට දේශපාලනයෙන් විශ්‍රාම යෑමට කාලය එළඹ ඇති බවත්, තමා දේශපාලන දිවියේ අවසාන ගමනාන්තයේ පසුවන බවත් උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්ර ඒකානායක මහතා අද (19දා) උකුවෙලදී පැවසීය.
මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවේ වර්තමාන ආණ්ඩුවේ ගමන්මගේ යහපත් පරිවර්තනයක් සඳහා තමන් හඳුන්වාදෙන යෝජනාවලියට ආණ්ඩුව එකඟ නොවන්නේ නම්, එවැනි ආණ්ඩුවක් තුළ තමන් නියෝජනය නොවන බවයි.
ජාතික නිදහස් පෙරමුණේ යෝජනාවලිය අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත්තුමාට අද (19දා) පිළිගැන්වීමෙන් පසුව ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.
නන්දිමිත්ර ඒකනායක මහතා සිය විශ්‍රාම ගැනීම පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ,
“අපි දේශපාලනයේදී තරුණයන්ට තැන දෙන්න ඕන, හැබැයි මැට්ටන්ට නොවේ. අපි ආකල්ප වෙනසක් කරා යා යුතුයි. වර්තමානයේ දේශපාලඥයන් කිලෝමීටරයක් ඇස්තමේන්තු කරලා හදන්නෙ බාගයයි. ඉතුරු සල්ලි ටික ගසාකනවා. ඒක දේශපානලඥයන්ගේ සාක්කුවටයි යන්නෙ” යනුවෙනි.
ක්‍රිෂාන් රණසිංහ/ රත්තොට රුවන්