උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගවලට බාධා වන අයුරින් මැතිවරණ ප්රචාරක කටයුතු හා දේශපාලන කටයුතු සිදු නොකරන ලෙස සියලු පක්ෂ අපේක්ෂකයන්ගෙන් හා ආධාරකරුවන්ගෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලා සිටියි.
නාමයෝජනා භාර දීම සිදුවන අගෝස්තු පස්වන දින හා හයවන දින දෙක තුළදී අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන හෙයින් එම විභාගය පැවැත්වෙන දින දෙකේ දී නාමයෝජනා දීම අවසන්වී තමන්ගේ ශක්තිය පෙන්වීමට අපේක්ෂකයන් රථ පෙළපාළි හෝ වෙනත් පෙළපාළි පැවැත්වීමෙන් වැළකී සිටින ලෙස ද සියලු දේශපාලන පක්ෂවලින් හා ආධාර කරුවන්ගෙන් මැතිවරණ කොමසාරිස් වරයා තවදුරටත් ඉල්ලා සිටියි.