පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු කාරී තත්ත්වය පිළිබඳව තමන් තවමත් අධ්‍යනය කරන බව කතානායක චමල් රාජපක්ෂ මහතා අද (07දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පකෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ආණ්ඩුවේ මන්ත්‍රීධුර ලබාගැනීමත් සමග පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් උද්ගත විය. සන්ධානයේ ඇතැම් මන්ත්‍රිවරු ප්‍රකාශ කළේ දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂ නායක ධුරයට පත්කළ යුතු බවයි.
ද්‍රවිඩ ජාතික සන්ධානය සඳහන් කළේ ආර්. සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධුරයට පත්කළ යුතු බවයිි. මේ සම්බන්ධයෙන් වන තීන්දුව අද දිනයේදී කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතව තිබුණි.