වියළි කාලගුණය නිසා විනාශයට පත්වන එක් කුඹුරු අක්කරයක් සඳහා වන්දි වශයෙන් රුපියල් දසදහසක මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබේ. මෙහිදී පූර්ණ හානිවලට මෙම රුපියල් දසදහසක මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
මෙහිදී පූර්ණ හානිවලට රුපියල් දසදහසක මුදලකුත් අර්ධ හානි සඳහා එම මුදලින් 60%කුත්, සුළු හානි සඳහා 40%කුත් වශයෙන් ගෙවීමටද සැලසුම් කර ඇත.
පොහොර සහනාධාරය ලබාගැනීමට අයදුම්පත් යොමුකර තිබෙන ගොවීන්ගේ වගා හානිවලට පමණක් වන්දි ගෙවීම සිදුකරන බවටද වාර්තා වේ. මෙහිදී පැලපත ගොයම් තත්ත්වයේදී හානි සිදු වී තිබේනම් එය සුළු හානියක් ලෙස සැලකීමට නියමිත අතර, පූර්ණ හානි ලෙස ගණනය කරනු ලබන්නේ පීදෙන අවස්ථාවේදී සිදුවන හානි සඳහාය.
මෙවර වගා කන්නයේදී ආසන්න වශයෙන් ගොවීන් 10,200කට අධික පිරිසක් විසින් කුඹුරු අක්කර එකොළොස් ලක්ෂ පනස් දහසකට අධික ප්රමාණයක් වගා කර ඇත.