විධායක ජනපතිවරයෙක් සතු අසීමිත බලතල පාර්ලිමේන්තුවටත්, අධිකරණයටත්, ස්විධීන කොමිසන් සභාවලටත්, රාජ්‍ය සේවයටත් පවරන බව ජනපති මෛත්‍රීපාල සිරිසෙන් මහතා මහනුවරදී ජාතිය අමතමින් පැවැසීය.
ගොවි ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීමෙන් දේශීය කෘෂිකර්මාන්තය නගාසිටුවා ජාතික ආර්ථිකයක් බිහිකිරීමට කටයුතු කරනවා.
නිදහස් රාජ්‍ය සේවයත්, අපක්ෂපාතී පොලිස් සේවයත් අපේ වගකීමක්.
පෞද්ගලික අංශයේ සේවකයාගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගන්නවා.
විදෙස් ශ්‍රමිකයන්ගේ පෞද්ගලික ආර්ථිකය නගා සිටුමීමට ක්‍රියාමාර්ග ගන්නවා.
අපේ රටේ සංවර්ධනයේ තිබෙන දූෂන, වංචා, අක්‍රමිකතා, අල්ලස් රටින් තුරන් කිරීමට අපේ රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.
අපේ රටට අවශ්‍ය වන්නේ රජෙක් නොව සැබෑ මිනිසෙක්.
මා මේ තරග කළ පළමු මෙන්ම අවසන් ජනපතිවරණයයි.
තනතුරේ බලය බෙදීමත්, ජනතාවට සෙනෙහෙබර වීමත්, මුළු මහත් ජාතිය වෙනුවෙන් මෙන්ම රට වෙනුවෙන් කළ යුතු කාර්යය කිරිමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා.
ජයග්රහණයෙන් සාමකාමීව කටයුතු කරන්න.
යනුවෙන්ද ජාතිය අමතමින් ජනපතිවරයා පැවැසීය.