ලංකාවේ සිගරට් අලෙවිය පහත වැටී ඇති බවත්, ඒ අනුව ලංකාවේ විදේශීය සිගරට් සමාගමක් බීඩිවලට බද්දක් අය කරන්නැයි විවිධ අයුරින් රජයෙන් ඉල්ලීම් කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනාවරණය කළේය.
'දරුවන් සුරකිමු' ජාතික වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් සම්මේලනයට අද (10දා) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී එය පැවැත්විණි.
“අද මත්ද්‍රව්‍ය පිළිබඳ ප්රශ්නය ඉතාම බරපතළයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මිනිසුන්ට, දරුවන්ට ආදරය කරන්නේ නෑ. ඔවුන් ආදරය කරන්නේ සල්ලිවලට විතරයි. ඔවුන් මිනිසුන්ගේ ජීවිතවලට කිසිම වටිනාකමක් දෙන්නේ නෑ. අපි සෑම කෙනෙක්ම මත්ද්‍රව්‍යවලින් ඉවත්වෙන්න ඕනේ.
ලංකාවේ සිගරට් අලෙවිය විශාල ලෙස පහළ වැටිලා තියෙනවා. ලංකාවේ තියෙන විදේශීය සිගරට් සමාගම් විවිධ අංශවලින් රජයට ඉල්ලීම් කරනවා. ඒ ගොල්ලන්ගේ නිෂ්පාදන පහත වැටිලා, ඒ නිසා බීඩි නිෂ්පාදනය කරන ආයතනවලටත් බද්දක් අය කරන්න කියලා.
ඔබ දන්නවාද විෂ මත්ද්‍රව්‍ය සමාජය තුළ ගලාගෙන ගිහිං පාසල් දරුවන්තුළට බහුලව එනවා. අපි අද ඒ සියල්ලම ඒ මත්ද්‍රව්‍ය ප්‍රශ්න විසඳන්න ගන්න පුළුවන් හැම පියවරක්ම අරගෙන තියෙනවා" යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.