පාසැල් සිසුවියකට ලිංගික අපහරණයක් සිදුකිරීමට තැත්කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ස්කොට්ලන්ත ජාතිකයෙකු හැටන් පොලීසිය මගින් ඊයේ (10දා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම විදේශීකයා හැටන් ප්‍රදේශයේම පදිංච්කරුවෙකු වන අතර ඔහු විවාහකර ගෙන සිටින්නේ සිංහල කාන්තාවකි. ඊයේ පස්වරුවේ විදේශිකයා ඔහුගේ ඥාති දියණියක් සමඟ දන්ත සායනයකට ගොස් ඇති බවත් ඔහු සමග ගිය පාසැල් දැරියට ලිංගික අපහරණයක් සිදුකිරීමට තැත්කළ බවට දන්ත සායනයේ සිටි පිරිසක් විසින් හැටන් පොලීසියට ලබාදුන් තොරතුරක් මත ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අවු. 55 ක අයෙකු බවත් මානසික රෝගයකින් පෙලෙන බවත් ඔහුගේ ඥාතීන් විසින් වෛද්‍ය වාර්ථාවක් ඉදිරිපත් කරමින් හැටන් පොලීසියට ප්‍රකාශකර ඇත.