විදේශිකයන්ට මේ රටට ඉඩම් ගැනීමේ ප්‍රතිපත්තිය,කිසිසේත්ම ලිහිල් කර නැතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (28) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
"විදේශිකයන්ට මේ රටට ඇවිත් ඉඩම් ගැනීමේ ප්‍රතිපත්තිය,කිසිවිටකත් ලිහිල් කර නෑ. ලිහිල් කර තිබෙන්නේ එක විදියකින්.ඕනෑම ආයෝජකයෙක් රුපියල් බිලියන 2කට වඩා අයෝජන ගෙනාවොත් අපි සතුටෙන් ගෙවන්න තියෙන සියයට සීයේ බද්ධ ඉවත් කර තිබෙනවා .නැතිනම් සියයට සීයේ බද්ධ තිබෙනවා.
අපි පුළුවන්තරම් දේශීය ව්‍යවසාකයන්ට ඉඩ ලබාදෙනවා. ඉන් රටට තිබෙන වාසිය බලනවා. කැබිනට් එකේ අනුමැතිය දෙන්න ඕන. තනි තීන්දුවක් ගන්න කාටවත් අවස්ථාවක් නෑ.මෙය වැරදියට වටහා ගන්න එපා" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කීය'