විදේශයන්හි සැඟවී සිටිමින් ශ්‍රී ලංකාවේ පාතාලය මෙහෙයවන පුද්ගලයන් සැඟවී සිටින ස්ථාන හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒමට කටයුතු කරන බවත් නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.
යාපනයේ පමණයක් නොව දකුණේ ක්‍රියාත්මක පාතාලය සම්පූර්ණයෙන්ම මර්දනය කිරීමේ ක්‍රියාවලිය මේ වන විටත් ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කළේය.