මව හෝ පියා විදේශ ගතවූ පවුල්වල දරුවන්ගෙන් වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී ඇති බවට සමීක්ෂණවලින් තහවුරුවී ඇතැයි විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.
කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද (02දා) උදෑසන පැවති ශ්‍රමික සුරැකුම ජංගම සේවා වැඩසටහන ආරම්භ කරමින් ඇය මේ බව සඳහන් කළාය.
එසේම නීත්‍යනුකූල නොවන අයුරින් රැකියාවන් සඳහා කාන්තාවන් විදේශ ගත කර ඇති උපඒජන්තවරු තහනම් කිරීමට තීරණය කර ඇති බවත් ඇය පැවැසුවාය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශ ගත වන අය සම්බන්ධයෙන් කාර්යාංශයට වගකීමක් ගත නොහැකි බවත් මෙහිදී අමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළාය.