2013\2014 වසර වලදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුවී ඇතැයි කියන මූල්‍ය වංචා සම්බන්ධ වාර්තාව අද (23දා) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට භාර දුන් බව විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකොරල මහත්මිය සඳහන් කරයි.
විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකොරල මහත්මිය අමාත්‍යංශයේ වැඩ භාර ගැනීමෙන් පසුව විශේෂ විමර්ශන කමිටුවක් ස්ථාපිත කොට එම කාර්යාංශයේ සිදු වූ මූල්‍ය වංචාවන් පිළිබඳව විමර්ශණය කිරීමට කටයුතු කළාය.