විදේශ රැකියාවලට යන සියයට හැත්තෑවක් දෙනා තවමත් නුපුහුණු ශ්‍රමිකයන් බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.
පසුගිය වසරේදී පුහුණු ශ්‍රමිකයන් 76,559ක් විදේශගත වනවිට නුපුහුණු ශ්‍රමිකයන් 71641 දෙනෙකු සහ ගෘහ සේවිකාවන් 65125 දෙනෙකු විදේශගත වී ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
රටේ ප්‍රධාන ආදායම් මාර්ගය සඳහා ගම්බද කාන්තාවන් විදේශ රටවලට යැවීම පිළිබඳ පක්ෂ පාට භේදයකින් තොරව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලැජ්ජා විය යුතු බවද නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන නියෝජ්‍ය අමාත්‍යවරයා,
“ඒ නිසා පුහුණු ශ්‍රමිකයන් විදේශගත කිරීමට වැඩි අවධානයක් යොමුකළ යුතු වෙනවා. කාර්මික අධ්‍යාපනය දියුණු කිරීමට අපි කටයුතු කළ යුතුයි. ස්විස්ටර්ලන්තයේ හා ජර්මනියේ ආධාර මත කාර්මික පාසල් ආරම්භ කිරීමටත්, විශ්වවිද්‍යාලවල තාක්ෂණ පීඨ හතක් ආරම්භ කිරීමටත් යෝජනා කර තිබෙනවා. රටේ ආර්ථිකය විවෘත කරනවා කියලා මේවා නොකර, නිෂ්පාදනය වැඩි නොකර සියලුම ක්ෂේත්‍ර විවෘත කිරීම ප්‍රයෝජනක් නැහැ.