විදේශ රැකියාවලට යන කාන්තාවන් ට නිසි පුහුණුවක් ලබා දිය යුතු බවත් එසේ නොවීම හේතුවෙන් ඔවුන් නොයෙකුත් තාඩන පීඩනවලට ලක්වීමට යොමුවන බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය පැවසීය.
ජීවනෝපායක් ලෙසින් කාන්තාවන් විදේශ රැකියාවලට යෑම තමන් අනුමත නොකරන නමුත්, ඊට වෙනත් විකල්පයක් දැනට නොමැති බව ඇය පැවසුවාය. විදේශ රැකියා සඳහා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් අම්පාරේ ඉදි කිරීම සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරිය මේබව කියා සිටියේය.