මෙරටින් නිකුත් කරන විදේශ ගමන් බලපත්‍රය ජාත්‍යන්තරව පිළිගැනීම, විශ්වසනීයත්වය හා වලංගුභාවය තවදුරටත් තහවුරු කිරීම සඳහා මේ මස 10 වැනිදා සිට නිකුත් කරන විදේශ ගමන් බලපත්‍රයට ඇඟිලි සලකුණ ඇතුළත් කරන බව ආගමන විගමන පාලක නිහාල් රණසිංහ මහතා සඳහන් කළේය.
විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේදී ඇඟිලි සලකුණ ලබාගැනීම සිදුකරන බවත්, 10 වැනිදාට පෙර ලබාගන්නා බලපත්‍ර ලාභීන්ගේ බලපත්‍රවලට ඇඟිලි සලකුණු ඇතුළත් කිරීමක් සිදුනොවන බවද පවසා සිටියේය.
දියණුවන ලෝකයට ගැලපෙන සේ අප රට ද කටයුතු කළ යුතු බවත්, මේ නිසා මෙම නව ක්‍රමය හඳුන්වා දෙන බවද ආගමන විගමන පාලකවරයා සඳහන් කළේය.