විදේශ ගතවීම තහනම්
ඇවන්ට්ගාඩ් මෙරිටයිම් සමාගම විසින් රුපියල් කෝටි 3 1/2 අධික අල්ලසක් ලබාදුන් බවට හා එම අල්ලස ලබාගත් බවට චෝදනා ලැබ සිටින ඇවන්ට්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති හා හිටපු මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන්ට විදේශ ගතවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණඩාර මහතා ඊයේ (16දා) නියෝගයක් නිකුත් කළේය.
මෙම විත්තිකරුවන්ට එරෙහිව සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන බව දැනුම් දෙමින් අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් පිළිගනිමින් එලෙස නියම කළ මහේස්ත්‍රාත්වරයා විත්තිකරුවන් සතුව ඇති විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියම කළේය.
ඇවන්ට්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති හා හිටපු මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන්ද ඇතු`ථව විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩුවක් පවරා ඇති අතර ඒ නඩුවේදී කළ ඉල්ලීමකට අනුව මොවුන්ට විදේශගතවීමට අවසර ලබාදී ඇත.
විත්තිකරුවන්ට එරෙහිව සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන බව දැනුම් දුන් අල්ලස් කොමිසම විත්තිකරුවන්ට විදේශ ගතවීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගනිමින් අදාළ නියෝගය නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව යළි කැඳවන ලබන අපේ‍්‍රල් මස 03 දා සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට නියම කළේය.
මනෝප්රිය ගුණසේකර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

