ව්‍යාජ තොරතුරු සපයමින් කාන්තාවන් විදේශ ගත කරන උප නියෝජිතයන් දෙදෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මියට ලැබුණු තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව අමාත්‍යාංශය කියයි.
මේ සම්බන්ධයෙන් අමාත්‍යවරිය පවසා සිටියේ, මෙවැනි ව්‍යාජ තොරතුරු සපයමින් කාන්තාවන් විදේශ ගත කරන උප නියෝජිතයන් ශ්‍රී ලංකාව පුරාම සිටින බැවින්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට උපදෙස් ලබාදෙන බවයි.
මෙම වැටලීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල් පෙරේරා, පොලිස් පරීක්ෂක සමන් විමලතුංග, පොදු සහකාර සුරාජ් මධුරංග යන නිලධාරීන් එක්වූහ.