ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නිරීක්ෂකයන් 36 දෙනෙකු ඊයේ (29දා) දිවයිනට පැමිණි බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.
එම සංවිධානයේ විධායක අධ්යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා %අද^ට සඳහන් කළේ, මෙම නීරික්ෂකයන් අද (30දා) සිට ස්ථානගත නිරීක්ෂණ කටයුතුවල නිරත වන බවයි.
ආසියානු රටවල් කිහිපයකට අයත් මෙම විදෙස් නිරික්ෂකයන් පළපුරුදු කණ්ඩායමක් බව පැවසූ රෝහණ හෙට්ටිආරච්චි මහතා, මීට අමතරව දේශීය නිරීක්ෂකයන් දහතුන් දහසක්ද යොදවන බවද පැවසීය.