විදුහල්පතිතුමා ගැහුව හේතුව තවමත් දන්නේ නෑ - ජනපති
තමා තෝපාවැව විදුහලේ ඉගෙන ගන්නා කාලයේදී වරක් විදුපතිතුමා විසින් වේවැලක් කැඩෙන තෙක් පහරදුන් බවත්, එයට හේතුවව මේ වන තෙක් නොදන්නා බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
එසේම නව රජයක් ලෙස නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවැසීය. කොළඹ අශෝක විද්‍යාලයේ පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය.
“අපි නව රජයක් ලෙස නිදහස් අධ්‍යාපනය ක්‍රමය තව තවත් ශක්තිමත් කරමින්, මේ රටේ දරුවන් නව තාක්ෂණය සමග වඩාත් ඉදිරියට යවන්නට රජයක් ලෙස බලාපොරොත්තුවයි.
යහපත් දේ ඔබට ලැබෙනවා වගේම මේ වාණිජ්‍ය සමාජයේ අයපහත් දේ වෙලා ගන්නට ඔබ උත්සාහ ගන්නවා. අයපත් දේවලින් වැළකීමට ඔබ කටයුතු කළ යුතුයි.
මගේ මතකයේ තියෙනවා මට ගුරුමෑණිවරුන් පියවරුන් කොතරම් වේවැල් වලින් ගහලා තියෙනවාද කියලා. මම පාසල් තුනකින් ඉගෙන ගත්තා. තෝපාවැව විදුහලේ මම ඉගෙන ගත්ත කාලේ විදුහල්පතිතුමා මාව විදුහල්පති කාමරයට ගෙනල්ලා මට වේවැලක් කැඩෙනකම් ගැහුවා. මම අද වෙනකම් දන්නේ නෑ මට ගැහුවේ ඇයි කියලා.
මම විශ්වාස කරනවා පංති කාමරය තුළ එන්නට තිබුණ අපේ ගුරුවරයා ආවේ නෑ. එතකොට අපේ පංතියේ ළමයි කෑ ගැහුවා. විදුහල්පතිතුමා බලාගෙන ඉදලා මට ගැහුවා වෙන්න ඇති. මම ගෙදර ගිහින් වචනයක් කිවුවේ නෑ. මොකද මම දන්නවා එහෙම කිවුවානම් මට ඊට වඩා ගුටිකන්න වෙනවා. මම කොච්චර නිවැරදි වුණත්. මගේ දෙමාපියෝ පොලිසි යන්නෙත් නෑ. වෙන නීතියක් හොයන්නෙත් නෑ.”
ඡායාරූප/වීඩියෝ ක්‍රිෂාන් රණසිංහ















popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

