මාතර දෙණිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට පහරදුන් බවට සැකකරන පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා අද (8දා) එම විදුහල අසල උද්ඝෝෂණයක් පැවැත්විණි.
විදුහලේ සිසුන්, ගුරුවරුන් හා දෙමාපියෝ එක්ව මෙම විරෝධතාවෙහි නිරත වූහ.
මේ හේතුවෙන් වැලිගම - අකුරැස්ස ප්‍රධාන මාර්ගය දෙණිපිටිය හන්දියෙන් අවහිරවීම නිසා මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පැවතිණි.