හිඳෝගම කළුවිල සේන මහ විද්‍යාලයේ විදුහල්පතිවරයාට කාර්යාලය තුළදී පහරදුන් බව කියන එම විද්‍යාලයේම ගුරුවරයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (24දා) මෙම සිදුවීම සිදුව තිබේ. සැකකරු ඊයේ රාත්‍රියේ පොලිස් ඇප මත මුදා හැර ඇත.
පහර කෑ බව කියන විදුහල්පතිවරයා නාච්චාදූව ග්‍රාමීය රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
තමන් කිසිදු පහරදීමක් සිදුනොකළ බවත් පෞද්ගලික පළිගැනීමක් සඳහා විදුහල්පතිවරයා බොරු පැමිණිල්ල පොලීසියට ඉදිරිපත්කර ඇති බව අත්අඩංගුවට ගත් ගුරුවරයා පොලීසියට පවසා ඇත.
පහරදුන් බව කියන ගුරුවරයා මේ මස (30දා) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.