2009 වර්ෂයේ ලංකා විදුලි බල මණ්ඩලයේ සිදුව ඇතැයි කියන රුපියල් බිලියන 3 කට ආසන්න අර්ථ සාධක අරමුදල් ආයෝජන අක්‍රමිකතාවයක් සම්බන්ධව කඩිනමින් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා කම්කරු කොමසාරිස් ජනරාල් වෙත නියෝගකර ඇත.
ඒ අනුව විදුලි බල මණ්ඩලයේ සිදුව ඇතැයි කියන අක්රමිකතාව පිළිබඳව විශේෂ පරීක්ෂණයක් අනිද්දා (15දා) කම්කරු මහලේකම් කාර්යාලයේදී පැවැත්වීමට තීරණය කර ඇත.