පරිසරය ආරක්ෂා කිරීමේ අරමුණින් විදුලි බලයෙන් ධාවනය වන වාහන හා ත්රීරෝද රථ සදහා රජය විශේෂ බදු සහන දීමට අයවැය යෝජනාවලියෙන් පියවර ගැනිම ඉගුරු දී මිරිස් ගැනිමක් බව සම්ස්ත ලකංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය සඳහන් කරයි. ජනපති මෛත්රීපා සිරිසේන මහතාට ඔවුන් යොමුකළ ලිපියක මේ බව දැක්වෙයි.
මේ හරහා ශ්රී ලංකාවේ ජාතික විදුලිබල පද්ධතිය මත විශාල ඉල්ලුම ඉහලයෑමක් සිදුවනු ඇති බව ඔවුන් පෙන්වා සෙයි. ශ්රී ලංකාවේ දැනට පවතින තත්වයට අනුව විදුලිබල පද්ධතියේ ඉල්ලුමෙන් වැඩි ප්රතිශතයක් සැපයෙන්නේ ඩීසල් ඉන්ධන භාවිතය ඇසුරෙන් බවත් එම ඉන්ධන භාවිතය හරහා සිදුවන පරිසර හානිය ඉතාමත් දරුණු බවත් ඔවුන් පෙන්වා දෙයි.
රට තුළ කැලිකසල කළමනාකරණයක් නොමැති තත්වයක මෙම වාහන වලින් ඉවතලන විෂ රසායන සහිත බැටරි නිෂ්කාශනය සඳහා ද වධිමත් ක්රමවේදයක් නොමැති හෙයින් එයද පරිසරයට විශාල බලපෑමක් සිදුවන කරුණක් බව ඔවුන් පෙන්වා දෙයි.