අද සිට විදුලි බිල 25% න් අඩු කරන බවද ඉන්ධන මිල ගණන් ද අද සිට පහත දමන බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය
ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 3.00 ද පෙට්රල් ලීටරයක මිල රුපියල් 5.00 ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 20 ද අඩුවේ
දිවයිනට පැමිණ සිටින චීන ජනාධිපති ෂි ජින් පින්ග් මහතා සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වු හමුවේදී ලක්විජය ගල් අගුරැ විදුලි බලාගාරයේ දෙවන අදියර විවෘත කීරීමේ උළෙලට සමගාමීව ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
.